දේශීය

අදත් පස්වරුවේ බොහෝ ප්‍රදේශ වලට වැසි

(UTV |කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (13) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවලත්  අද උදෑසන කාලයේදී  තැනින් තැන වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යමපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100 ඉක්ම වූ තද වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

Related posts

ධනංජය සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

Editor O

CPSTL සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

අද මැදියම් රැයේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment