දේශීය

සීගිරිය සංචාරක පොලිසියේ OIC හදිසියේම ජීවිතක්ෂයට

(UTV | අනුරාධපුරය) – සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක උපාලි කරුණාතිලක මහතා සීගිරිය පර්වථයේ සිංහ පාදය අසලදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා ප්‍රමුඛ නිළධාරින් කණ්ඩායමක් සමග සීගිරි පර්වථය නිරික්ෂණය සදහා ගමන් කරමින් සිටියදී ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගී වී ඇති අතර , කඩිනමින් රෝහල් ගතකරත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිස් පරීක්ෂක උපාලි කරුණාතිලක මහතාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය අද දඹුල්ල මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි [UPDATE]

Mohamed Dilsad

වුහාන් සිට තායි ජාතිකයින් 138 ක් මුදාගැනේ

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

Editor O

Leave a Comment