දේශීය

ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹින් – දෙවැනියට රත්නපුරින්

(UTV | කොළඹ) – ඊයේ (31) මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 239 න් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම සංඛ්‍යාව 86 ක්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් 28 ක්ද , ගම්පහින් 21 ක්ද , කලුතරින් 20 ක්ද ලෙස ඊයේ දිනයේදි ආසාදිතයන් වාර්තා වී තිබුණි.

මීට අමතරව වව්නියාවෙන් ආසාදිතයන් 11 ක් , කෑගල්ලෙන් 10 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 04 ක් ඊයේ වාර්තා වූ බව ද කොවිඞ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 59 දෙනෙකුද ඊයේ දිනය තුළ කොරෝනා රෝගීන් බවට තහවුරු කර ගැණුනි.

 

Related posts

පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කරයි

Mohamed Dilsad

අද දවසේ ලංකාවට බලපාන කාළගුණ තත්ත්වය

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 7 ක් සුව අතට

Mohamed Dilsad

Leave a Comment