කලා

විජේ සේදුපතිට තවදුරටත් තර්ජන

(UTV |ඉන්දියාව) – දකුණු ඉන්දීය නළු විජේ සේදුපතිට තවදුරටත් තර්ජන එල්ල වන බවට වාර්තාවේ.

ඔහුගේ කුඩා දියණිය දූෂණය කරන බවට මේ වන විට තර්ජන එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතය නිරූපණය​ කෙරෙන 800 චිත්‍රපටයෙන් ඉවත්වීමට තීරණය කළ බව පෙරේදා (19) මාධ්‍ය හමුවක් කැඳවමින් විජේ සේදුපති නිවේදනය කළේය.

එම තීරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් යම් පුද්ගලයකු මෙලෙස විජේ සේදුපතිගේ දියණිය දූෂණය කරන බවට තර්ජනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

800 චිත්‍රපටයේ මුරලිගේ චරිතය නිරූපණය කරන බවට ප්‍රසිද්ධ කිරීමත් සමග සැලකිය යුතු පිරිසක් ඔහුට විරෝධය පළ කළේ මුත්තයියා මුරලිදරන් දෙමළ ශ්‍රී ලාංකිකයකු වීම හේතුවෙනි.

Related posts

‘තෝර්’ නවතම චිත්‍රපටය ගැන නටාලියාගේ රසිකයන්ට පණිවිඩයක්

Mohamed Dilsad

අමිතාබ් බච්චන් නැවතත් ගීත ගායනයට

Mohamed Dilsad

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment