කලා

විජේ සේදුපතිට තවදුරටත් තර්ජන

(UTV |ඉන්දියාව) – දකුණු ඉන්දීය නළු විජේ සේදුපතිට තවදුරටත් තර්ජන එල්ල වන බවට වාර්තාවේ.

ඔහුගේ කුඩා දියණිය දූෂණය කරන බවට මේ වන විට තර්ජන එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතය නිරූපණය​ කෙරෙන 800 චිත්‍රපටයෙන් ඉවත්වීමට තීරණය කළ බව පෙරේදා (19) මාධ්‍ය හමුවක් කැඳවමින් විජේ සේදුපති නිවේදනය කළේය.

එම තීරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් යම් පුද්ගලයකු මෙලෙස විජේ සේදුපතිගේ දියණිය දූෂණය කරන බවට තර්ජනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

800 චිත්‍රපටයේ මුරලිගේ චරිතය නිරූපණය කරන බවට ප්‍රසිද්ධ කිරීමත් සමග සැලකිය යුතු පිරිසක් ඔහුට විරෝධය පළ කළේ මුත්තයියා මුරලිදරන් දෙමළ ශ්‍රී ලාංකිකයකු වීම හේතුවෙනි.

Related posts

‘මාස්ටර්’ බොලිවුඩ් චිත්‍රපටයට එන සුපිරි නළුවා

Mohamed Dilsad

එකම දිනයේ රැජිණිකාන්ත්ගේ සහ ධනුෂ්ගේ චිත්‍රපට 2ක්

Mohamed Dilsad

කරිෂ්මා කපූර් රිදී තිරයට සමු දෙයිද?

Mohamed Dilsad

Leave a Comment