Trending Newsදේශීය

අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආරම්භ කෙරේ

(UTV |කොළඹ) – අඩු ආදායම් ලාභී පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක පිරිසක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආරම්භ කෙරේ.

එහි ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34,818 කි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පත්වීම්ලාභීනට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ලබාදීමට නියමිත බවයි.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය අදාළ පුහුණු වැඩසටහන භාරව සිටී.

එහිදී පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීන්ට NVQ තුන ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරෙනු ඇත.

පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියෙකුට රුපියල් 22,500ක මාසික දීමනාවක් ලබාදීමට ද තීරණය කර තිබේ.

අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටු කිරීම සඳහා යොමු කිරීමට නියමිතය.

Related posts

நடிகைகளில் ஸ்ருதி ஹாசன் முதலிடம்

Mohamed Dilsad

පාකිස්ථාන මහකොමසාරිස් හා ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Another suspect arrested over Kalutara Prison bus shooting

Mohamed Dilsad

1 comment

Supun October 20, 2020 at 10:19 am

නම් ලිස්ට් එක කොහෙද තියෙන්නේ..

Reply

Leave a Comment