දේශීය

කොවිඩ් දෙවන් රැල්ල ගැන හමුදාපතිගෙන් අනාවරණයක්

(UTV |කොළඹ) – මෙරට කොවිඩ් දෙවන රැල්ලේ මූලාරම්භය විදේශ රටක් වියහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ කන්දකාඩු කොවිඩ් සම්බන්ධතාවයේ අවසාන සොයා ගැනීම වූයේ අගෝස්තු මාසයේ බවයි.

ඒ අනුව මෙරට සමාජය තුළ කොවිඩ් වසංගතය නොතිබූ බවත් කොළඹ ප්‍රදේශය වුවද සමාජයෙන් ආපු අවසාන පුද්ගලයා සොයා ගැනුණේ අප්‍රේල් මාසේ 30වැනි දා බවත් හමුදාපතිවරයා සඳහන් කළේය.

විදේශ රටවලින් ලංකාවට පිරිස් පැමිණි බවත් මුහුදු කටයුතු සම්බන්ධයෙන් විදේශ රටවලින් ආපු 06දෙනෙක් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයින් බවට පත්ව තිබේ.

Related posts

CCTV ගැලවීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් පිරිසක් අද අධිකරණයට

Mohamed Dilsad

රජය ආනයනය කළ සහල් තොග ලංකා සතොස ශාකාවලට බෙදා හැරීම ඇරඹේ

Editor O

ඉන්ධන බදු ඉවත් කරන්නැයි බලශක්ති ඇමති මුදල් ඇමතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment