Trending Newsඑසැන පුවත්දේශීය

රජය ආනයනය කළ සහල් තොග ලංකා සතොස ශාකාවලට බෙදා හැරීම ඇරඹේ

රජය ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා බෙදා හැරීම අද (01) ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කියා සිටී. ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය මේ වනවිට දිවයිනට ලැබී ඇති බව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ  සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. එහි සහල් මෙට්‍රික්ටොන් 780ක් අඩංගු බව සඳහන් වේ.

ඉන් සහල් මෙට්‍රික්ටොන් 200ක් ලක් සතොස හරහා අලෙවි කරන බවත්, තවත් සහල් මෙට්‍රික්ටොන් 26000ක් ඇණවුම් කිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති බවත්, සභාපතිවරයා පැවසුවේය. තවද ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ, පෞද්ගලික අංශය මගින් ඇණවුම් කළ සහල් මෙට්‍රික්ටොන් 80000ක් වෙළෙඳපොළට මුදා හැර ඇති බවයි.

Related posts

ஊழியர் சேமலாப நிதியத்தின் அலுவலர் இடைநீக்கம்

Mohamed Dilsad

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගෙන එළියට ගියහොත් නීතිමය පියවර

Mohamed Dilsad

කොළඹට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment