විදෙස්

කොවිඩ් 19 එන්නතක් සඳහා හදිසි අනුමැතිය ලබා ගැනීමට සුදානම්

(UTV |ඇමෙරිකාව) –  කොවිඩ් 19 එන්නතක් සඳහා හදිසි අනුමැතිය ලබාගැනීමට ඇමරිකානු සමාගම් දෙකක් අපේක්ෂා කරයි.

එම අනුමැතිය නොවැම්බර් මාසය අවසන්වීමට පෙර ලබා ගැනීමට උත්සහ දරන බව විදෙස් වාර්තා පවසයි.

ෆයිසර් සමාගම නිවේදනය කළේ සිය කොවිඩ් 19 එන්නතෙහි සුරක්ෂිතභාවය පිළිබඳ දත්ත ලැබීමත් සමඟ නොවැම්බර් මාසයේ තුන්වන සතියේදී එය දියත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 3 වනදාට යෙදී ඇති අතර, ඉන් සති තුනකට පසු සිය කොවිඩ් 19 එන්නත සඳහා අනුමැතිය ලබාගැනීමට මොඩර්නා සමාගම අපේක්ෂා කරයි.

එමගින් ප්‍රකාශ කළේ වසර අවසන්වීමට පෙර කොවිඩ් 19 එන්නත් දෙකක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Related posts

ගාසා දෙකට කඩයි

Mohamed Dilsad

WhatsApp සඳහා නව විශේෂාංග

Mohamed Dilsad

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී ට චෝදනාවක්

Editor O

Leave a Comment