දේශීය

අදත් වැසි සහ සුළං වැඩි වන ලකුණු

(UTV |කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වේ.

දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50-60 පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ අංශය කියයි.

Related posts

දකුණු අප්‍රිකාවේ මෙරට මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු සියදිවි හානිකර ගනී

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් ප්‍රකාශයට පත් කරයි.

Editor O

නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment