දේශීය

කටුනායකින් හමුවූ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(UTV |කොළඹ) -ඊයේ හඳුනාගත් ආසාදිතයින් 130 දෙනා සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මේ වනවිට 1,721 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ අවසන්වරට වාර්තා වූ එම පොකුරේ ආසාදිතයින් 113 දෙනාගෙන් පස් දෙනෙකු බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධ නිරෝධායනයට වෙමින් සිටි 05 දෙනෙකු සහ සෙසු 108 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5170 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම කටුනායක ආයෝජන කලාපය තුළින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 111 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයින් 1800ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 3357කි.

Related posts

රන් භාණ්ඩ අලෙවිසැළක් කොල්ලකෑ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි.

Editor O

විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට යුධ හමුදාපතිගෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment