දේශීය

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කරයි

(UTV |කොළඹ) – අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කිරීමට රජය තීරණය කරයි.

මේ අනුව පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් නාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බදු ඉවත් කිරීම හේතුවෙන් අද රාත්‍රියේ සිට ලොකු ටින් මාළු එකක් රුපියල් 200කට, බී ලූණු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇති බවයි.

මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා ඇත.

Related posts

කරන්නාගොඩට සහ දසනායකට එරෙහි නඩු විභාගය අත්හිටුවීමට නියෝග

Mohamed Dilsad

PCR පරීක්ෂණ සඳහා කටුනායකට නවතම වෛද්‍ය රසායනාගාරයක් [PHOTOS]

Mohamed Dilsad

රුපියල් 5000 දීමනාව තවත් කාණ්ඩ කිහිපයකට

Mohamed Dilsad

Leave a Comment