දේශීය

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කරයි

(UTV |කොළඹ) – අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කිරීමට රජය තීරණය කරයි.

මේ අනුව පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් නාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බදු ඉවත් කිරීම හේතුවෙන් අද රාත්‍රියේ සිට ලොකු ටින් මාළු එකක් රුපියල් 200කට, බී ලූණු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇති බවයි.

මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා ඇත.

Related posts

ඔක්සිජන් සැපයුම බිද වැටීම යථා තත්ත්වයට

Mohamed Dilsad

ශ්‍රීලනිපයට අඩු සැලකිලිද?

Mohamed Dilsad

උත්සව සමය වෙනුවෙන් පොලිස් මෙහෙයුම් අද සිට

Mohamed Dilsad

Leave a Comment