දේශීය

රුපියල් 5000 දීමනාව තවත් කාණ්ඩ කිහිපයකට

(UTV |කොළඹ ) – කොවිඩ් -19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් රැසක් සිටියි.

එබැවින් එම පවුල් වෙනුවෙන් ගෙවන රු. 5000 දීමනාව තවත් පුද්ගල කණ්ඩායම් කිහිපයකට ලබාදීමට රජය තීරණය කරයි.

ඒ අනුව ගෘහමූලික ලැයිස්තුවේ පවුල් ඒකකයක සිටින අනු පවුල් සඳහා මෙම දීමනාව ලබාදීමට නියමිතය.

ඊට අමතරව විදේශ රැකියාවල නියුතු පුද්ගලයන්ගේ පවුල්වල මෙරට අසීරුතාවයට පත්ව සිටින ඥාතීන් සඳහාද, ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු නමුත් අප්‍රේල් මස වැටුප නොලැබුණු පිරිස් සඳහාද රු. 5000 දීමනාව ගෙවීමට තීරණය කර ඇත.

එසේම විවිධ විශ්‍රාම වැටුප් ක්‍රම ඔස්සේ අප්‍රේල් මාසයේදී රු. 5000ට අඩු විශ්‍රාම වැටුපක් ලැබූ පුද්ගලයන්ටද මෙම දීමනාව ලබාදීමට යෝජිත ලෙස වුණි.

තවද අප්‍රේල් මාසයේදී අප්‍රේල් මස වැටුප් නොලැබූ වැවිල් ක්ෂේත්‍රයේ අනියම්, ආදේශක හා තාවකාලික සේවකයන්ටද මෙම රු. 5000 දීමනාව ලැබීමට සුදුසුකම් ලත් පුද්ගලයින් වේ .

මෙම දීමනාව සඳහා අභියාචනා ඉදිරිපත් කිරීම් ග්‍රාමීය කමිටු වෙත ඉදිරිපත් කර එම කමිටුවල නිර්දේශ ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කළ යුතු බවටත් අදාළ මුදල් මෙම සතිය තුළ ගෙවා අවසන් කළ යුතු බවට නිලධාරීන්ට උපදෙස් ලැබී ඇතැයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ කමිටුව සඳහන් කරයි.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ කාර්ය සාධක බළකායේ සම්බන්ධීකරණ ලේකම් (මාධ්‍ය) ආචාර්ය චරිත හේරත් සඳහන් කළේ මේ සඳහා වන චක්‍රලේඛය ඊයේ (21 වැනිදා) නිකුත් කළ බවයි.

මේ අතර අදාළ මුදල් ලබාදීම් පිළිබඳව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ග්‍රාම නිලධාරීන් වෙත යවන ලද ලිපිය සහ මහජනතාවට දන්වා ඇති තෝරාගැනීමේ පටිපාටිය පරස්පර බව වාර්තා වේ.

Related posts

ලුණු බහාලුම් 400ක් වරායේ හිර වෙයි. නැවතත් ලුණු හිඟයක්….?

Editor O

ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක්

Mohamed Dilsad

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීම තවදුරටත් දීර්ඝ කරයි [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment