දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද උසස් පෙළ විභාගය අද සිට

(UTV |කොළඹ) – කොවිඩ් – 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (12) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ කෙරේ.

ඒ අනුව අද සිට නොවැම්බර් මස 06 වන දින දක්වා විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී පැවැත්වෙනු ඇත.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

කොවිඩ් – 19 අවදානම නිසා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් 12ක් අතිරේක විභාග මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති අතර ඒවාට ප්‍රවාහන් පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

Related posts

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට අතුරුතහනම් නියෝගයක් ඉල්ලා දේශබන්දුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

අධ්‍යාපන ඇමතිනිය උත්සවවලට යනවා විතරයි. ගුරු ගැටළු ගැන සාකච්ඡා කරන්නේ නැහැ – ජෝෂප් ස්ටාලින්

Editor O

මෙරටින් තහවුරු කරගත් ආසාදිතයන් ඉහළ යයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment