දේශීය

බස්රථ සේවකයින්ට දැනුම් දීමක්

(UTV |කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ වල බස් රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම සිදුනොකළ යුතු බව පොලීසිය පවසයි.

ඒ අනුව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථ ගමන් කිරීමේදී මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම නොකළ යුතුය.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අදාළ පොලිස් බලප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථවලට ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බලප්‍රදේශවල කර්මාන්තශාලාවල සේවකයින් දැනටමත් නවාතැන්ගෙන සිටින ස්ථානවලම රැදී සිටිය යුතු බව පොලීසිය පවසයි.

එසේම, එම කර්මාන්තශාලාවල කළමනාකාරිත්වය එම සේවකයින් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත පිටත් කර හැරීමෙන් වැළකිය යුතු බව ද පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කරයි.

Related posts

උදය ගම්මන්පිළගෙන්, ආණ්ඩුව ට අභියෝග පිට අභියෝග

Editor O

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

Mohamed Dilsad

කිරිගවයෙක් හොරකම් කළොත් දඩය රු ලක්ෂ 10යි

Mohamed Dilsad

Leave a Comment