ගොසිප්

ගම්පහ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ 5 දෙනෙකුට කොරෝනා

(UTV |ගම්පහ) – ගම්පහ , මිරිස්වත්ත මැදවත්ත ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවයේ නියුතු සේවිකාවන් පස් දෙනෙකු කෙරෝනා අසාදිතයන් බව තහවුරු වී තිබේ.

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ එම කර්මාන්ත ශාලාවෙහි සේවිකාවන් හත් දෙනෙකු එම අවමංග්‍ය උත්සවයට සහභාගි වී ඇති බවයි.

ඔවුන්ට පෙරේදා සිදු කළ PCR පරීක්ෂාවේදී ඉන් 5 දෙනෙකුට කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම තත්ත්වය මත 27 දින පැවති අවමංගල්‍ය උත්සවයට සහභාගි වූවන්ට තම නිවෙස්වලම ස්වයං නිරෝධානයට ලක් වන ලෙසට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ජනතාව දැනුවත් කිරීමට පියවර ගත්තේය.

එසේම අවමංගල්‍ය පැවති මැදවත්ත ප්‍රදේශයේ නිවස හා ඒ අවට නිවාස විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇත.

Related posts

හබරණට ආ හැකරැල්ලන් ආක්‍රමණය

Mohamed Dilsad

පළාත් දෙකකට ආණ්ඩුකාරවරුන් පත් කිරීමට සූදානම්

Mohamed Dilsad

රැඳවියෙකුගේ ගුද මාර්ගයෙන් සොයාගත් දුරකථනය

Mohamed Dilsad

Leave a Comment