දේශීය

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

(UTV | කොළඹ) – 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ආරම්භ කර ඇත.

සමගි ජන බලවේගය , ද්‍රවිඩ ජාතික සන්ධානය ,එක්සත් ජාතික පක්ෂය , මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය , ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය , ලංකා ගුරු සංගමය ඇතුලු පාර්ශව මෙලෙස පෙත්සම් ගොණු කල පාර්ශව අතර වෙයි.

නීතිපතිවරයා වගඋත්තරකරුලෙස නම් කර ඇති මෙම සියලු පෙත්සම්වලින් ඉල්ලා ඇත්තේ යෝජිත 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

Related posts

මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් ඇතුළු පිරිසක් පිටත්ව යයි

Mohamed Dilsad

නව වන පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම ඇරඹේ

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment