ගොසිප්

පඩිය වෙනුවට මත්කුඩු

(UTV |කොළඹ ) – ආයතනයේ සේවය කරන පිරිසකට වැටුප් වෙනුවට හෙරොයින් ලබාදු හාම්පුතෙක්  සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ අතුරුගිරිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී මේ පිළිබඳව තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.

පසුගිය දිනක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු මත සිදුකළ විමර්ශනයකදී එම පුද්ගලයාගේ මව ද හෙරොයින් ග්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

පසුව ඊයේ එම කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා ද හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනුණි.

ඔහු මාළඹේ 10 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 500 ක් සොයා ගත්තේය.

මෙහිදී හෙරොයින් ප්‍රවාහනයට යොදා ගත් බවට සැකකෙරෙන ලොරි රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ එකම පවුලේ මව සහ ඇයගේ පුත්‍රයන් දෙදෙනෙකු මෙම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොවුන් අබලි යකඩ එක්රැස් කරන ව්‍යාපාරවල නිරත වී ඇති බවත් එහි සේවය කරන පිරිස් වෙත වැටුප් වෙනුවට හෙරොයින් ලබාදී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

Related posts

රන්ජන් ජනපති සමාව අයැදීමට සූදානම් වෙයි

Mohamed Dilsad

එකම පවුලේ 11 දෙනෙකුට කොවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

ගම්පහ 150ක් PCR පරීක්‍ෂණයට

Mohamed Dilsad

Leave a Comment