විදෙස්

ඉතාලියේ හදිසි තත්ත්වය ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට යයි

(UTV | ඉතාලිය) – ඉතාලියේ කොවිඩ් 19 රාජ්‍ය හදිසි තත්ත්වය ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ඉතාලි අගමැතිවරයා ඊයේ (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

යුරෝපයේ අනෙකුත් ප්‍රධාන රටවල් කොවිඩ් හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීමෙන් පසුව ඇතිව තිබෙන කොවිඩ් වසංගතයේ බැරෑරුම් තත්ත්වය මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට එල්ල වන පීඩාවන් මෙන්ම ආර්ථිකයට ඇතිවන හානි සංකිර්ණව සලකා බලා පාර්ලිමේන්තුවේ හා සෙනෙට් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර මෙම තීරණය ගැන සලකා බලන බව අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ඉතාලියේ කොවිඩ් 19 හදිසි නිති තත්ත්වය ලබන ඔක්තෝබර් මස 15යින් අවසන් වන අතර එය නැවත දීර්ඝ කිරිමට නම් පාර්ලිමේතුවේ හා සෙනෙට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර එයින් සම්මත විය යුතුය.

Related posts

ලස්සා උණ වැලඳී මරණ 80ක්

Mohamed Dilsad

යුරෝපයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන

Editor O

Leave a Comment