දේශීය

ජනපති ගිය නිවාස අධිකාරී කාර්යාලයේ කළමනාකරුවන්ට මාරුවීම්

(UTV |කොළඹ) – අකාර්යක්ෂම සේවාව පිළිබඳව සොයා බැලීමට පසුගියදා ජනාධිපතිවරයා නිරීක්ෂණයට ගිය නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයේ දේපළ අංශයේ කළමනාකරු සහ කොළඹ දිස්ත්‍රික් කළමනාකාරවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

ඒ, එම අධිකාරියේ විගණන අංශයේ පරීක්ෂණ කමිටුවක් මගින් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුවය.

පෙරේදා (23) දිනයේදී ජනාධිපතිවරයා නාරාහේන්පිට නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලය වෙත ගියේ එහි කටයුතු කාර්යක්ෂමව සිදුනොවන බවට ලැබුණු මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමිනි.

නිවාස සංවර්ධන අධිකාරිය තුළ නිලධාරීන් හිඟයක් පවතින බවට ජනාධිපතිවරයා හමුවේ අදාළ ස්ථාන මාරු ලැබූ කළමනාකාරවරියක ප්‍රකාශ කලය.

නමුත් එවැනි නිලධාරීන් හිඟයක් එම කාර්යාලය තුළ නොමැති බව නිවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨයෙකු පවසා තිබේ.

මේ අතර අද (25) දිනයේ නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, එහිදී අදාළ පරීක්ෂණ කමිටුව සිදුකළ විමර්ශනයේ වාර්තාවද සාකච්ඡාවට ගැනෙනු ඇති.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵළ අත්හිටවූ සිසුන් ගැන පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක්

Editor O

පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Editor O

Leave a Comment