විදෙස්

බොලිවුඩයේ සුපිරි තරු රැසක් ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විමසුමට

(UTV | ඉන්දියාව) – බොලිවුඩ් යොවුන් සිනමා නළු සුශාන්ත් සිං රාජ්පුත්ගේ දිවිනසාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් සිදුකරන විමර්ශන වලදී හින්දි සිනමාවේ ප්‍රවීණ සහ ජනප්‍රිය නළු නිළියන් රැසකට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

මෙහිදී ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් සහ ෂාරුක් ඛාන් වෙතද නිලධාරීන්ගේ විමර්ශනාක්ෂිය එල්ල වී තිබේ.

දිවි නසාගත් සුශන්ත් සිං රාජ්පුත් පිළිබඳව අමිතාබ් බච්චන්, රන්වීර් සිං, ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් ආදී බොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිත පවා වචනයකුත් සඳහන් නොකිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

සුෂාන්ත් රාජ්පුත්ට මත්ද්‍රව්‍ය ලබාදුන් බවට රියා සහ ඇගේ සොහොයුරු ෂෝවික් ඇතුලු 15 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙයි.

විමර්ශන සඳහා කැඳවනු ලැබූ දීපිකා පදුකෝන් සහ ඇයගේ සැමියා වන රන්වීර් සිං, ගෝව සිට ඊයේ මුම්බායි වෙත ගුවනින් පැමිණි අවස්ථාවේ මාධ්‍ය, ඔවුන් ලුහුබැද පැමිණ ඇති අතර එහිදී ඒ සම්බන්ධයෙන් ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමක් සිදුකර නොමැත.

ඊට අමතරව සාරා අලි ඛාන්, ෂාරදා කපූර් සහ රකුල් ප්‍රීත් සිං ද ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබෙන බව වාර්තා වෙයි.

ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබුවේ සුෂාන්ත්ගේ අවසන් සමයේ පෙම්වතිය වූ රියා චක්‍රබෝර්තිගේ දුරකථනයෙන් ලබාගත් වට්ස්ඇප් සංවාදවලින් අනාවරණ කරගනු ලැබූ කරුණු අනුවයි.

Related posts

ශ්‍රීදේවීගේ දේහය අද මුම්බායි වෙත ගෙන ඒමට නියමිතයි(වීඩියෝ)

Mohamed Dilsad

කේට් කුමරිය සිය තුන්වන දරු ප්‍රසුතියට සුදානම්

Mohamed Dilsad

ඇමෙරිකානු යුද නැවක් ජපන් මුහුදේදී අනතුරට.7දෙනෙකු අතුරුදහන්

Mohamed Dilsad

Leave a Comment