දේශීය

කඳුකර කොටියෙකු ඝාතනය කළ පිරිසක් අත්අඩංගුවේ

(UTV |මහනුවර) – මහනුවර, උඩුදුම්බර ප්‍රදේශයේදී කඳුකර කොටියෙකුගේ මස් අලෙවි කරමින් සිටි අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම කඳුකර කොටියා ඔවුන් විසින් ඝාතනය කර ඇති බවයි.

මෙහිදී මස් අලෙවි කිරීම සඳහා ‍යොදාගත් ත්‍රීරෝද රථයක්ද පොලිසියට භාරයට ගෙන තිබේ.

උඩදුමිබර පොලීසියට ලද තොරතුක් මත එම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

උඩදුමිබර, කලල්ගමුව ප‍්‍රදේශයේ දී ඌරන්ට ඇටවූ මන්දකට එම කොටියා හසුවී ඇති බව පොලීසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා විසින් මන්දට හසු වූ කොටියා මස් කර අලෙවි කිරීමට කටයුතු කර ඇති අතර අදාළ කාන්තාව ඔවුන් දෙදෙනාට සහය වී ඇති බව වාර්තා වේ.

සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මියගිය කොටියාගේ මස් හා ශරීර කොටස් සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (25) තෙල්දෙනිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සක්විතිට සහ හිටපු බිරිඳට රු ලක්ෂ 18ක දඩයක්

Mohamed Dilsad

ජනාධිපතිවරයා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නා හිමි බැහැ දකී

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment