දේශීය

පොලිස් නිලධාරින් සඳහා උසස් අධ්‍යාපන වරම්

(UTV |කොළඹ) – පොලිස් නිලධාරින් සඳහා උසස් අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය සුදානම් වෙයි.

එය කැලණිය විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඊට අදාළ ගිවිසුම ඊයේ (23) දිනයේ අත්සන් කෙරුණි.

වසර 10කට වැඩි කාලයක් පොලිස් සේවයේ නිරත නිලධාරින් සඳහා පළමුවෙන් මෙම උසස් අධ්‍යාපන අවස්ථාව හිමිවන බව චමල් රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී පොලීසියට අදාළ විෂයන් හැදෑරිය හැකි අතර, ඒ සඳහා ඩිප්ලෝමා සහතික පත්‍රයක් ලබා දීමට මෙයින් බලාපොරොත්තු වෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මීට අමතරව ඉදිරියේ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ද මෙම පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

එසේම පොලිස් අභ්‍යාස ආයතනය මඟින් පවත්වනු ලබන පාඨමාලාවන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ තත්ත්ව පරීක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව පැවැත්වීමට නියමිතවේ.

Related posts

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පැන ගිය කොවිඩ් ආසාදිතයන්ගේ 5 දෙනාගේ තොරතුරු මෙන්න [RELEASE]

Mohamed Dilsad

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment