ක්‍රීඩා

IPL තරගාවලිය අද ඇරඹේ

(UTV | ඩුබායි) – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 13 වැනි වරට සංවිධාන කරන‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ක්‍රිකට් තරගාවලිය අද (19) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වෙයි.

මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද සමාරම්භක තරඟයට එක්වනු ඇත.

ඉන්දියාවේ කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ මෙවර තරගාවලිය එමීර්හිදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කරනු ලැබීය.

කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් නොවැම්බර් 10 වැනිදා දක්වා දින 53 ක් පුරා පැවැත්වෙන තරගාවලියට ඇතුළත් තරග සංඛ්‍යාව 60 ක්.

මෙම තරගාවලියට එක්ව සිටි ක්‍රීඩකයන් මෙන්ම එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ද පෞද්ගලික හේතුන් මත තරගාවලියෙන් ඉවත්වූ අතර , සිව්වරක් අයි.පී.එල්. කිරුළ දිනූ මුම්බායි ඉන්දියන්ස් පිලේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගද මෙවර තරගාවලියෙන් ඉවත්වූයේ පෞද්ගලික හේතූන් සඳහන් කරමින්.

මේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ද වන්නේ මාලිංගය. ඔහු මේ වන විට කඩුලු 170ක් දවා ගෙන ඇති අතර, ඒ සඳහා සහභාගි වී ඇත්තේ තරගාවලි 9කට පමණි.

තරගාවලියේ පිතිකරුවන් අතර, පෙරමුණේ පසු වන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලිය.

ඒ අනුව මෙවර තරගාවලියේදී අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන ඉසුරු උදානයි.

Related posts

අකිලගෙන් සුපිරි කඩුලු දඩයමක්

Mohamed Dilsad

එංගලන්ත සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

ජයග්‍රහණය වෙනුවෙන් සිංහයන් අද දෙවන විස්සයි විස්ස තරඟයට

Mohamed Dilsad

Leave a Comment