දේශීය

අල්ලස් ගත් පාර්ලිමේන්තු නිලධාරියා යළි රිමාන්ඩ්

(UTV |කොළඹ) – අල්ලස් චෝදනා යටතේ අත්අඩංගුවට  ගත් පාර්ලිමේන්තු  නිලධාරියා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

කොළඹ ‍අතිරේක මහෙස්ත්‍රාත් එච්.අයි.කේ කාහිංගල මහත්මිය නියෝග නියෝග කළේ ඔහු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

අල්ලස් කොමිසම මඟින් කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අංජන මාලිංග නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු භෝජනාගාරය සඳහා සැපයුම්කරුවෙකු විසින් සපයනු ලබන පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින පලතුරු තොග ප්‍රතික්ෂේප නොකොට බාර ගැනීම සඳහා මෙම සැකකරු විසින් මාසිකව අල්ලස් වශයෙන් රුපියල් 30000/- ක් බැගින් මුදල් ඉල්ලා ඇති බවය.

ඒ අනුව ඊට අදාළව අල්ලස් වශයෙන් රුපියල් 60,000ක මුදලක් ලබාගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරු ඉකුත් දා අත්අඩංගුවට ගෙන තිබුණි.

 

Related posts

හිටපු ජනාධිපතිවරු වන රනිල් සහ මහින්ද, උමන්දාවේ පිංකමක

Editor O

ජූලි 01 සිට නව උප්පැන්න සහතිකයක්

Mohamed Dilsad

2015 සිට මේ දක්වා විභාග වංචා 439ක් – ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු

Editor O

Leave a Comment