දේශීය

ඉන්ධන ටැංකියක පිපිරීමක්.

(UTV |අම්පාර)   – UPDATE  නැගෙනහිර මුහුදේ දැනට ගිනිගෙන ඇති තෙල් මෙට්‍රික් ටොන් 270,000 ක් රැගත් ටැංකියෙන් තෙල් කාන්දු වීම වැළැක්වීමට පියවර ගන්නා බව සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය පවසයි.

(UTV |අම්පාර) – සංගමන් කන්ද පොයින්ට් සිට නාවික සැතපුම් 38 ක් දුරින් පිහිටි ඉන්ධන ටැංකියක පිපිරීමක් සිදුව තිබේ.

මේ හේතුවෙන් ගින්නක් හටගෙන ඇත.

“MT නිව් ඩයමන්ඩ්” නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්‍ය පියවර නාවික හමුදාව මේ වන විටත් ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව බලා යමින් සිටිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරය සඳහන් කරයි.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යවා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් ගුවන් යානයක් තුළදී ජීවිතක්ෂයට පත්වෙයි.

Editor O

සංචාරකයින් 11,000 කට වැඩි පිරිසක් ලංකාවේ

Mohamed Dilsad

පොලිසිය විසින් ගත් ක්‍රියාමාර්ග වලට නීතිපතිගේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment