ව්‍යාපාරික

සාධාරණ මිලකට එන ජල පෙරනය

(UTV |කොළඹ) – දංකොටුවේ ලෙස්ලි සේනානායක මහතා විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙරාකොටා ජල පෙරහනය පිළිබද කරුණු විමසීමක් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් සිදු කළේ ය.

අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව පසුගියදා ලෙස්ලි සේනානායක මහතා අමාත්‍යාංශයට පැමිණියේය.

මෙම වතුර ෆිල්ටරය මගින් නීරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යවශ්‍ය පිරිසිදු නැවුම් ස්වභාවික සිසිල් ජලය ලබා ගත හැකි බව ලෙස්ලි සේනානායක මහතා පවසයි. වයඹ විශ්ව විද්‍යාලයේ නැනෝ
තාක්ෂණ පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය  C A N ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් සිදුකරනු ලබයි.

මේ කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ අමාත්‍යවරයා ඉදිරියේ දී මෙම ජල පෙරහනය එහි ධාරිතාවය වැඩිකොට මහජනතාවට දැරිය හැකි මුදලට දේශීය වෙළඳපොලට මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොලට නිකුත් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම තම අමාත්‍යාංශය හරහා ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේ ය.

Related posts

පෙට්‍රල් ලීටරයකට රු. 72ක් බදු ලෙස අය කිරීමට ගැසට් නිවේදනයක්

Editor O

විදුලිය නිපදවීම ගල් අගුරු හා ඩීසල් තාප බලාගාර ආශ්‍රිතව

Mohamed Dilsad

මෙරට කාසි නිෂ්පාදනය කරන ලෝහ වර්ගයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment