ව්‍යාපාරික

ක්‍රයිස්චර්ච් නුවර වෙඩික්කරුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

(UTV | නවසීලන්තය) – නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් පල්ලි 02 කදී වෙඩි තබා පුද්ගලයන් 51 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර ඕස්ට්‍රේලියානු ජාතිකයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කර ඇත.

නවසීලන්ත ඉතිහාසයේ එවැනි දඩුවමක් නියම කල පළමු අවස්ථාවද මෙයයි.

පුද්ගලයන් 51 ක් ඝාතනය , තවත් 40 දෙනෙකු ඝාතනයට තැත් කිරිම සහ ත්‍රස්තවාදය යන චෝදනා යටතේ බ්‍රෙන්ටන් ටැරනට් නම් මෙම තැනැත්තාට එරෙහිව නඩු පවරනු ලැබීය.

මෙම සිද්ධියත් සමග නවසීලන්තය තුළ ගිනි අවි සම්බන්ධ නීති දැඩි කෙරුණු අතර සමාජ මාධ්‍ය ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගණනාවක්ද අනුගමනය කිරීම ආරම්භ විය.

Related posts

අඩු මිලට අරක්කු දෙන විදිය ගැන කර්මාන්ත ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Editor O

ඩොලරය රුපියල් 260 ට නගී

Mohamed Dilsad

සියළු වාහනවල මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment