ගොසිප්

කාන්තාවක් අඩි 100ක් උස ගසක උපවාසයක

(UTV |කොළඹ) – බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භූමියේ පිහිටි සල් ගසකට නැග කාන්තාවක් උපවාසයක නිරත වෙයි.

මෙම ගසේ උස අඩි 100ක් පමණ වන බවද වාර්තා වේ.

ඇය බළංගොඩ, දියවින්න, හදගිරිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු මවකි.

තමන් පදිංචි ඉඩම නිත්‍යානුකූලව තමන්ට ලබාදෙන දෙන ලෙස ඉල්ලමිනුයි ඇය මෙලෙස ගසක් මතට නැග උපවාසයේ නිරත වෙයි.

අදාළ ඉඩම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

ඇයට වෙනත් ඉඩමක් ලබාදීමට කටයුතු කළ ද ඇය ඊට එකඟ නොවී මෙම ඉඩමම ඉල්ලා සිටින බව වාර්තා වේ.

Related posts

කොරෝනා රටින් ඉවත්වන කාලය ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

පෞද්ගලික අංශයට රැකියා අහිමිවීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment