ගොසිප්

කොරෝනා රටින් ඉවත්වන කාලය ගැන හෙළිදරව්වක්

(UTV | කොළඹ) – ඉදිරි මාස 3 – 6 ත් අතර කාලය තුළ කොරෝනා වෛරසය හේතුවෙන් රට පත්ව ඇති අර්බුදයෙන් මිදෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේය.  

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

එමෙන්ම කොරෝනා මර්දන එන්නත් ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් නිසි වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් , ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි කොටස ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සෞඛ්‍ය අමාත්‍යංශය සාකච්ඡා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මීට අමතරව කොරෝනා වැළඳුනු පුද්ගලයින් එය සැඟවීමට උත්සාහ කරන බවත්, එම තත්වය මගහරවා ගැනීමට උපාය මාර්ග සැළසුමක් අවශ්‍ය බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොරෝනා රෝගය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසීය.

කොරෝනා වෛරසය පිළිබඳ විශ්ලේෂණ කමිටුව අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වූ අතර, ඊට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ.

 

 

Related posts

චීනය ලෝකයෙන් සත්‍ය වසන් කරයි – කොරෝනා මරණ 25000 ඉක්මවයි

Mohamed Dilsad

ඇමති ඇමැති එස් එම් චන්ද්‍රසේනගෙන් රාජ්‍ය නිලධාරීන්ට අල්ලසක්ද?[LETTER]

Mohamed Dilsad

එජාපයේ ජනපති අපේක්ෂක සජිත්

Mohamed Dilsad

Leave a Comment