ගොසිප්

කොරෝනා රටින් ඉවත්වන කාලය ගැන හෙළිදරව්වක්

(UTV | කොළඹ) – ඉදිරි මාස 3 – 6 ත් අතර කාලය තුළ කොරෝනා වෛරසය හේතුවෙන් රට පත්ව ඇති අර්බුදයෙන් මිදෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේය.  

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

එමෙන්ම කොරෝනා මර්දන එන්නත් ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් නිසි වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් , ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි කොටස ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සෞඛ්‍ය අමාත්‍යංශය සාකච්ඡා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මීට අමතරව කොරෝනා වැළඳුනු පුද්ගලයින් එය සැඟවීමට උත්සාහ කරන බවත්, එම තත්වය මගහරවා ගැනීමට උපාය මාර්ග සැළසුමක් අවශ්‍ය බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොරෝනා රෝගය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසීය.

කොරෝනා වෛරසය පිළිබඳ විශ්ලේෂණ කමිටුව අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වූ අතර, ඊට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ.

 

 

Related posts

සරත්ලා පියුමි නිසා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

Mohamed Dilsad

මෙරට ආර්ථිකය නේපාලයටත් වඩා වැටිලා

Mohamed Dilsad

කොරෝනාවට මුහුණ දුන් කදිම අවන්හලක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment