දේශීය

අග්‍රාමාත‍්‍ය මාධ්‍ය ලේකම් ධූරයට රොහාන් වැලිවිට පත් කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, 14 වන අග්‍රාමාත‍්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත්කර ඇත.

රොහාන් වැලිවිට මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින්  18 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

2019 වර්ෂයේ පත් වූ නව රජය යටතේ, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානීගේ මාධ්‍ය ලේකම් ධූරය ද මොහු විසින් හෙබවීය.

ඔහු වර්තමාන අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලෙස මේ මස 18 දින සිට සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයකු මෙන්ම කතුවරයෙකු වන රොහාන් වැලිවිට මහතා, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

 

Related posts

උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල පහළට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට නාය යෑම්, අනතුරු ඇඟවීම්

Editor O

විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගිතා කොමිෂමෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment