ක්‍රීඩා

ටෙස්ට් තරඟවලට යොදාගන්නා ආලෝකයේ වෙනසක් කිරීමට සූදානමක්

(UTV| කොළඹ) –  ටෙස්ට් තරඟවලදී අඩු ආලෝක තත්ත්වය සම්බන්ධයෙන් යොදා ගන්නා නීතිවල කිසියම් වෙනසක් සිදුකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ICC විශේෂ විධායක කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වන විට පවත්නා නීතියට අනුව ටෙස්ට් තරගයක පිටියේ විනිසුරුවන් විසින් විශේෂ ආලෝක මාපක මඟින් මැන බැලීමෙන් අනතුරුව අඩු ආලෝක තත්ත්වය යටතේ ටෙස්ට් තරගයක් ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න තීරණය කරන අතර, එහිදී අඩු ආලෝකයක් පවතී නම් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව මුල්තැනගෙන තරගය නවතා දැමීමට විනිසුරුවන් තීරණය කරනු ලබයි.

එමෙන්ම මෙම නීතියෙහි කිසියම් සංශෝධනයක් සිදු කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් විස්තර විචාරකයන්ද විදෙස් මාධ්‍ය වෙත කරුණු දක්වා තිබේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

මළල ක්‍රීඩා ඉතිහාසය තුළ හිරුණි විජේරත්නගෙන් වාර්තාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ICC ය දඩ පනවයි – ප්‍රසාද ලකුණු දෙකකුත් අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment