දේශීය

20 වන ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර්යේ

(UTV |කොළඹ ) – ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වන බව නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට ඒ වෙනුවට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය  සඳහා පියවර ගනිමින් සිටින බව අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

“සියලු ජන කොටස් ඇතුළත් වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙමු” අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

නව කෙටුම්පත් යෝජනා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්

Mohamed Dilsad

මව්බිම ජනතා පක්ෂයට පොහොට්ටුවේ මන්ත්‍රීවරු තිදෙනෙක් එකතු වෙයි.

Editor O

මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment