දේශීය

ජෝර්දානයේ සිදුවීමට අදාළව විදේශ සේවා කාර්යාංශයෙන් ප්‍රකාශයක්

(UTV | ජෝර්දානය) –  කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසකට ඊයේ (27) දිනයේ දී එරට පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම සැලසුම්සහගත සිද්ධියක් නොවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විරෝධය පළ කළ අවස්ථාවේ එම තත්ත්වය හටගෙන ඇත.

මෙහිදී 350 කට ආසන්න මෙම පිරිස කලහකාරී ලෙස හැසිරීමත් සමඟ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ජෝර්දානයේ ආරක්ෂක අංශ කටයුතු කළහ.

Related posts

වැලි වැඩි මිළට විකුණන තොටුපළ හිමියන්ගේ බලපත්‍ර අහෝසි කෙරේ

Mohamed Dilsad

අතරමංවූ සංචාරකයින්

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාම මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කර නැහැ.

Editor O

Leave a Comment