දේශීයප්‍රමුඛ පුවත 2

තවමත් තැපැල් ඡන්ද සළකුණු නොකළ රාජ්‍ය සේවකයන්ට යළි අවස්ථාව

(UTV | කොළඹ) –  තවමත් තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකිවූ රාජ්‍ය සේවකයන් හට අද (24) සහ හෙට (25) දිනවලදීද ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇත.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 4 දක්වාත් හෙට පෙරවරු 8.30 සිට පස්වරු 2 දක්වාත් තැපැල් ඡන්දය ප්‍රකාශ කල හැකි බවයි.

මෙතෙක් සිය තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව උදාවෙයි.

Related posts

ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

තුන් වන මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය ගැන ඇමති අද පාර්ලිමේන්තුවේදී කියු කතාව

Mohamed Dilsad

Leave a Comment