දේශීයප්‍රමුඛ පුවත 3

සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද අසනීප නිවාඩු

(UTV | කොළඹ) – දිවයින පුරා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) අසනීප නිවාඩු වාර්තාකර සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ප්‍රමාණවත් බලතල නොදීමට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඇරඹීමට මූලික හේතුව වී ඇත.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරන්නේද යන්න සම්බන්ධයෙන් වන තීරණයක් ලබන සඳුදා වනවිට ගන්නා බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කළේය.

Related posts

වෙඩි තියන්න පොලිසියටත් අවසර

Mohamed Dilsad

වසංගතය හමුවේ චීනයෙන් ලබාදෙන ණය සහන පිලිබඳ තීරණය ඉදිරි සතියේ

Mohamed Dilsad

කොරෝනා රෝගීන් වාර්තා වීම දිස්ත්‍රික්ක මට්ටමින්

Mohamed Dilsad

Leave a Comment