ගොසිප්

පාතාල මර්ධනයට එරෙහිව ජනපතිට හා ආරක්ෂක ලේකම්ට මරණ තර්ජන

(UTV |කොළඹ) –  මේ දින වල පාතාල ක්‍රියාකාරීන් මර්ධනය කිරීම සඳහා දිවයින පුරා මෙහෙයුම් සිදු කෙරේ.

මේ සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී තර්ජනාත්මකව ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කරන බවට ප්‍රකාශ කර තිබේ.

මෙම රැදවියන් දෙදෙනා මීට පෙර බන්ධනාගාර උසස් නිලධාරීන් කිහිප දෙනෙකුටද මරණ තර්ජන එල්ල කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තර්ජනය සිදු කර ඇත්තේ පසුගිය ජුනි මස 26 වනදා එම බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වු අවස්ථාවේදීය.

ඔවුන්ගේ ඉල්ලීම වුණේ තමන් සිර මැදිරිවලින් පිටත රදවා තැබෙන කාලය වැඩි කරන ලෙසයි.

ඒ සම්බන්ධ සාකච්ඡා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු එම බන්ධනාගාරයට ගිය අවස්ථාවේ කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී මෙම තර්ජනය සිදුකර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දී ඇත.

මෙම පාතාල සාමාජිකයින් ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කරන බවට ද තර්ජනය කර ඇති බවයි එහිදී අනාවරණ වී තිබේ.

ජනාධිපතිවරයා, ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කරන බවට සහ බන්ධනාගාර නිලධාරීන්ට සිදුකළ මරණ තර්ජන සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පසුව  ලිඛිතව පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දන්වා ඇත. මේ

සම්අබන්පධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බන්ධනාගාර උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ඊයේ ප‍්‍රකාශ සටහන් කර ගැණුනි.

 

Related posts

කොරෝනාවට මුහුණ දුන් කදිම අවන්හලක් [PHOTOS]

Mohamed Dilsad

ජනාධිපතිගේ කතාවට හර්ෂගෙන් ප‍්‍රතිචාර..

Mohamed Dilsad

උපාධිය අතැතිව 7 වසරක් රෝද පුටුවේ සිටි මධූගේ සිහිනය සැබෑවක් වෙයි

Mohamed Dilsad

Leave a Comment