දේශීය

නිරෝධායනය අවසන් කළ පිරිසක් අද පිට වේ

(UTV | කොළඹ ) – අද (15) නිරෝධායනය අවසන් කළ 365 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 6කින් පිටත්ව යාමට නියමිතව ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

ඒ අනුව බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 21 දෙනෙකු ද, කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් 8 දෙනෙකු ද, දියතලාව මධ්‍යස්ථානයෙන් 137 දෙනෙකු ද, දියතලාව නිවාඩු නිකේත මධ්‍යස්ථානයෙන් 3 දෙනෙකු ද, දියතලාව යුද හමුදා මධ්‍යස්ථානයෙන් 47 දෙනෙකු ද, පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 149 දෙනෙකු ද මෙලෙස පිටව යාමට නියමිත බව හමුදා ප්‍රකාශක , බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.

ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන 58ක තවදුරටත් පුද්ගලයින් 7119 දෙනෙකු නිරෝධායනය වෙමින් පවතී.

Related posts

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු ප්‍රමුඛතාව හිමිවන අය මෙන්න

Mohamed Dilsad

අයි.එම්.එෆ්. ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ඉදිරියේදී රටේ ආර්ථිකය බරපතල අවධානමක – ජන අරගල සන්ධානය අනතුරු අගවයි

Editor O

Leave a Comment