විදෙස්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇඟවීමක්

(UTV |කොළඹ)  –  මාස හය හමාරක පමණ කාලය තුළ කොරෝනා වෛරසයෙන් ලෝකයට සිදු වූ විනාශය ඉමහත්ය.

තවමත් එහි අනාගතය පැහැදිලි නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රෙයිසස් පවසයි.

මේ වන විට ලොව අංක එකේ සතුරා බවට කොරෝනා වෛරසය පත්වී අවසන්ය.
නමුත් ලොව රටවල් රැසක්ම එය මර්දනය කිරීමේදී වැරදි මාර්ලග වල ගමන් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීයා පෙන්වා දෙයි.
 
මූලික සෞඛ්‍යාරක්ෂණ විධි පිළිපැදීම සිදුනොකළහොත් තත්ත්වය තවදුරටත් උත්සන්න වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අගවයි.
මේ අතර පසුගිය දින 5ක් තුළ ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මිලියනයකින් ඉහළ ගොස් ඇති බව රොයිටර් විශ්ලේෂණයක් මගින් පෙන්වා දෙනවා.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 1 කෝටි තිස් දෙලක්ෂ 29,577 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව පන්ලක්ෂ 74,981ක් වේ.
 
ඉන් ආසාදිතයන් තිස් හතර ලක්ෂ 79,000ක් සහ මරණ එක්ලක්ෂ 38,000ක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.

 

බ්‍රසීලයෙන් ආසාදිතයන් දහඅට ලක්ෂ 88,000ක් සහ මරණ 73,000ක් පමණ වාර්තා වන අතර, ඉන්දියාවෙන් ආසාදිතයන් නව ලක්ෂ 7000ක් සහ මරණ 23,727ක් වාර්තා විය.

 

 

Related posts

සෞදි යුද්ධ ගුවන් යානයක් යේමනයේදී කඩා වැටෙයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවට රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

WhatsApp පණිවුඩ සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment