ක්‍රීඩාදේශීය

2011තරඟ පාවා දීම ගැන ICC යෙන් හෙළිදරව්වක්

(UTV |කොළඹ) -2011 ලෝක කුසලාන අවසන් තරඟය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කිසිදු සැකයක් නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

එහි දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් සඳහන් කළේ එම තරඟය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඒකකයක් (Integrity Unit) සොයා බැලූ බවයි.

නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන රීති යටතේ පරීක්ෂණයක් ඇරඹීමට කිසිදු සාක්ෂියක් එම චෝදනා සම්බන්ධයෙන් ඉදිරිපත් වී නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
කෙසේ වෙතත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICCයට ලිපියක් එවූ බවට තොරතුරු නොමැති බවත් ICCයේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ථීර කළා එවැනි ලිපියක් ලැබුණු බවට මතකයක් නොමැති බවත් ඔහු පවසයි.

එකල එවැනි චෝදනාවක් ලැබුණා නම් ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන බවත්, 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය ගැන අපිට කිසිදු සැකයක් නොමැති බවත් ඔහු පවසයි.”

Related posts

ධීවර ජනතාවට සහන සළසන ලෙසට අග්‍රාමාත්‍ය උපදෙස්

Mohamed Dilsad

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට සිට ඇඳිරි නීතිය

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස්ට IPL ජය

Mohamed Dilsad

Leave a Comment