දේශීය

හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – මොරගහහේන ගෝනපොල හංදිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් මොවුන් සතුව තිබී සොයාගැනීමට හැකවූ බව පොලිසිය සඳහන් කළේය.

ඊයේ (25) පස්වරුවේ දෙහිවල පොලිස් ස්ථානයේ නිළධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර ඇත.

සැකකරු සහ සැකකාරිය මතුගම හා ගල්පාත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අද (26) ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අදිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දෙහිවල පොලිසියයි වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

Related posts

තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

නීතිපති නිව් ඩයමන්ඩ් කළ සාගර දූෂණයට වන්දි ඉල්ලයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය හමුවේ සුරා සැල් ක්‍රියාත්මක වන ආකාරය

Mohamed Dilsad

Leave a Comment