දේශීය

කරුණාගේ ප්‍රකාශය ගැන අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV | කොළඹ) – පසුගිය LTTE යුද සමයේ අලිමංකඩදී හමුදා සෙබලුන් ඝාතනය කළ ආකාරය පිළිබඳව කරුණා අම්මාන් විසින් පසුගියදා පැවති දේශපාලන රැස්වීමකදී සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කරන බව දේශය සුරැකීමේ විද්වත් එකමුතුව පවසයි.

ඔහු විසින් කර ඇති ප්‍රකාශය පදනම් කරගනිමින් ඔහු අත්අඩංගුවට ගෙන අවශ්‍ය නෛතික පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොණු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ යලිත් වසන්ත මහතා කියා සිටියේය.

අදාළ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස කරුණා අම්මාන් , නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා නම් කර ඇත.

Related posts

විශ්ව විද්‍යාල ආරම්භය නොවැම්බර් මාසයේ

Mohamed Dilsad

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

Mohamed Dilsad

කම්කරු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment