විදෙස්

හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිට කොරෝනා වැළඳෙයි

(UTV | කොවිඩ් 19 ) –  හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපති ජුවාන් ඕර්ලන්ඩෝ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයාගේ බිරිඳට සහ ඔහුගේ සහායකයන් දෙදෙනෙකුටද මෙම වෛරසය ආසාදනය වී ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි.

පසුගිය සති අන්තයේ ජනාධිපතිවරයා රෝගී තත්ත්වයෙන් සිට ඇති අතර වෛරසය ආසාදනය වී ඇති බව සනාථ වූ පසු මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර ඇත.

‘‘රටේ ජනාධිපති විදියටත්, වගකීම් සහගත පුරවැසියකු ලෙසත් මා මේ දේ කියන්න ඕනෑ. මට පසුගිය දින කිහිපයේදී අපහසුතාවක් දැනුණා. මම වෛද්‍ය පරීක්ෂණයකට යොමුවුණා. මට ‘කොවිඩ්-19’වෛරසය ආසාදනය වී ඇති බව එහිදි තහවුරු වුණා’’යැයි රූපවාහිනිය ඔස්සේ රටවැසියන් අමතමින් හොන්ඩුරාස් ජනාධිපතිවරයා පැවසීය.

තමන් ප්‍රතිකාර ලබන බවත් ස්වයං නිරෝධානයට යොමු වී ඇති බවත් ඔහු එහිදී පවසා තිබේ.

රටට මුහුණ දීමට සිදුවී ඇති තත්ත්වය නිසා දෙවියන්, වෛද්‍යවරුන් සහ වෛද්‍ය විද්‍යාව කෙරෙහි විශ්වාසය තබන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව හොන්ඩුරාස් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9000 කට අධික වේ.

 

Related posts

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමාට ඔබාමාට කොවිඩ්

Mohamed Dilsad

දකුණු කොරියානු ජනාධිපති ධූරයෙන් නෙරපයි

Editor O

නිවෙස්වලින් පිටතට පැමිණියොත් බ්‍රිතාන්‍ය පොලිසියෙන් පවුම් 960 ක දඩයක්

Mohamed Dilsad

Leave a Comment