දේශීය

වැඩිමිලට කුකුළු මස් අළෙවි කරන්නන් සොයා වැටලීම්

(UTV | කොළඹ ) – පාරිභෝගික අධිකාරිය විසින් උපරිම සිල්ලර මිල ඉක්මවා කුකුළු මස් අළෙවි කරන වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබේ.

වෙළඳුන් විසින් කුකුළු මස් වැඩි මිලට අළෙවි කරන බවට පැමිණිලි රැසක් අධිකාරිය වෙත ලැබී ඇති බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක කියා සිටියේය.

පසුගියදා සම සහිත කුකුළු මස් කිලෝග්‍රෑමයකට රුපියල් 430ක උපරිම සිල්ලර මිලක් පනවා ඇති අතර, සම රහිත කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 500 ක උපරිම සිල්ලර මිලකට අළෙවි කළ යුතු බවට පවසමින් පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

Related posts

විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම “ජන­ව­රම පාවා­දී­මක්” – විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

Editor O

රාමසාන් උපවාස සමය හෙට සිට ඇරඹේ

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 08ට වාහන ආනයනය සඳහා ඩොලර් බිලියනයක් වැය කරලා

Editor O

Leave a Comment