දේශීය

දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය විවෘත කරයි

(UTV | බදුල්ල) – සෞඛ්‍යය අංශයන්හි උපදෙස් වලට අනුව දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය හා නැරඹුම් මැදිරිය අද (16) දින සිට සංචාරකයින් සඳහා විවෘත කළ බව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඩී.එම් නදීකා ක්‍රිෂාන්ති දිසානායක මහත්මිය සඳහන් කළාය.   

කොරෝනා ව්‍යාප්තියත් සමඟ මාස 3 කට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබූ දුන්හිද දිය ඇල්ල මාර්ගය විවෘත කිරීමත් සමගම අද දිනය තුළ පමණක් සියයකට ආසන්න සංචාරකයින් පිරිසක් දිය ඇල්ල නැරඹීමට පැමිණි බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මාස තුනකට ආසන්න කාලයක් එය වසා දැමීම නිසා ඒ ආශ්‍රිත මාර්ගය මෙන්ම නැරඹුම් මැදිරිය හා දිය ඇල්ල අවට ප්‍රදේශය කැලෑවෙන් වැසී ගොස් තිබී ඇති අතර ,
ප්‍රාදේශීය සභාව මගින් එම සියලු ස්ථාන සංචාරකයින්ට පහසු වන පරිදි සුද්ධ පවිත්‍ර කර ඇත.

දිය ඇල්ල නැරඹුම් මාර්ගය වසා දැමීමත් සමග සොරණාතොට ප්‍රාදේශීය සභාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය ඇණ හිටි අතර ඒ ආශ්‍රිතව ජීවත් වූ විශාල පිරිසකට ද යන එන මං නොමැති තත්ත්වයට මුහුණ දීමට සිදුවූ බවත් සභාපතිනිය වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

කොරෝනා බවට සැක ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 212 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ට ඇප නෑ

Editor O

ගාලු පාර බලපිටියෙන් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment