ව්‍යාපාරික

කුකුළු කෑම ආදේශක ආනයනයට අවසර

(UTV| කොළඹ) –  කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා කුකුළු කෑම නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ වගා නොකරන ආදේශකයක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

කුකුළු කෑම සඳහා භාවිත කරන බඩඉරිඟු හිඟය හේතුවෙන් කුකුල් මස් සහ බිත්තර මිල දේශීය වෙළෙඳපොළේ වැඩි වී තිබේ.

බඩ ඉරිඟු ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මකව වෙයි.

දේශීය වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 500-650 දක්වා වූ මිල ගණන්වලට අලෙවි වන අතර , බිත්තරයක මිල රුපියල් විස්ස ඉක්මවයි.

මේ හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදනය සඳහා ලංකාවේ වගා නොකරන වෙනත් ආදේශක ආනයන කිරීමට අවසර ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කුකුළු මස් සඳහා පාලන මිලක් පනවා ඇති නමුත් , පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

Related posts

ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට

Mohamed Dilsad

කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් රජයෙන් නව යෝජනා ක්‍රමයක්

Mohamed Dilsad

ජපාන ශ‍්‍රම වෙළඳපොළ තුළ ඇති අවස්ථා සොයා බැලේ

Mohamed Dilsad

Leave a Comment