ව්‍යාපාරික

ජපාන ශ‍්‍රම වෙළඳපොළ තුළ ඇති අවස්ථා සොයා බැලේ

(උදයම්,කොළඹ)  –  ජපාන ශ‍්‍රම වෙළඳපොළ තුළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට අවස්ථාව ලබාගැනීමේ අරමුණ ඇතිව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය ජපානය බලා පිටත් ව ගොස් ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම සංචාරය අතරතුර ජපාන කම්කරු ඇමතිවරයා ඇතුළු රාජතාන්ත‍්‍රිකයන් කිහිපදෙනෙකු හමුවීම, වෘත්තීය පුහුණු ආයතන කීපයක්ද, කර්මාන්තශාලා කීපයක්ද නැරඹීමට ද නියමිතය.
ජපාන ශ‍්‍රම වෙළඳපොලේ අවශ්‍යතාවය අනුව අප රටේ තරුණ තරුණියන් හට ලබාදෙන වෘත්තීය පුහුණුව නවීකරණය කිරීම, ශ‍්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව ඉහල නැංවීම සඳහා ජපාන සහයෝගය ලබාගැනීම වැනි අරමුණු සඳහා මෙම සංචාරය සිදු කිරීමේ අරමුණයි.

Related posts

ආනයනික මාළු, කරවල, ඇතුළු ද්‍රව්‍ය කීපයක බදු ඉහළට

Mohamed Dilsad

රජය මැදිහත්ව අනුරාධපුර වට්ටක්කා මිළදී ගැනීමට පියවර

Mohamed Dilsad

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය කරනවා – විපක්ෂ නායක

Editor O

Leave a Comment