දේශීය

දියනෑමට ගොස් අතුරුදන්වූ මනාලයාගේ සිරුර ගොඩට ගනී

(UTV | කොළඹ) – තරුණයන් පස්දෙනෙකු සමඟ ඊයේ (14) දිනයේ කටුකුරුන්ද මුහුදේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි ලහිරු කසුන් නමැති තරුණයාගේ සිරුර අද සොයාගෙන තිබේ.

ඔහුගේ විවාහ මංගලෝත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ අද දිනයේදීයි.

පයාගල පොලිස් වසමේ ලංසියාවත්ත ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති අතර ,  ප්‍රදේශවාසීන් විසින් සිරුර ගොඩබිම වෙත රැගෙනවිත් තිබුණි.

ඥාති හිතවතුන් දේහය හඳුනාගත් බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු පයාගල පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Related posts

ගෑස් මිල අඩුවෙන හැටි මෙන්න

Mohamed Dilsad

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ගැන විශේෂ තීරණයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් සහ ජෙඩා දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment