දේශීය

දියනෑමට ගොස් අතුරුදන්වූ මනාලයාගේ සිරුර ගොඩට ගනී

(UTV | කොළඹ) – තරුණයන් පස්දෙනෙකු සමඟ ඊයේ (14) දිනයේ කටුකුරුන්ද මුහුදේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි ලහිරු කසුන් නමැති තරුණයාගේ සිරුර අද සොයාගෙන තිබේ.

ඔහුගේ විවාහ මංගලෝත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ අද දිනයේදීයි.

පයාගල පොලිස් වසමේ ලංසියාවත්ත ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති අතර ,  ප්‍රදේශවාසීන් විසින් සිරුර ගොඩබිම වෙත රැගෙනවිත් තිබුණි.

ඥාති හිතවතුන් දේහය හඳුනාගත් බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු පයාගල පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Related posts

හපුතලේට නව නගරාධිපතිවරයෙක්[PHOTOS]

Mohamed Dilsad

රටේ මත්පැන් ඉල්ලුම 30% පහළට

Mohamed Dilsad

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment