දේශීය

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු දුම්රිය ස්ථානවල වර්ෂාමාන සවිකෙරේ

(UTV | කොළඹ) – බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සැලැස්ම සහ දිස්ත්‍රික්කය තුළ දැනට ක්‍රියාත්මක කරමින් පවතින ආපදා අවදානම් තක්සේරුවට අනුව වර්ෂා කාලයේ දී ඔහිය සිට බදුල්ල දක්වා දුම්රිය ස්ථාන සහ දුම්රිය මාර්ගයේ අතැම් ස්ථාන අවදානම් තත්ත්වයට පත්විය හැකි බව හදුනාගෙන ඇත.

ඇතිවිය හැකි අවදානම අවම කිරීම සදහා බදුල්ල දුම්රිය ස්ථානයේ සිට ඔහිය දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය ස්ථාන අටෙහිම වර්ෂාමාන සවිකර, දත්ත ලබා ගැනීම සහ වාර්තා තබා ගැනීම පිළිබඳ තාක්ෂණික උපදෙස් ලබාදීම බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කටයුතු කර ඇත.

දුම්රිය ස්ථාන ඇතුළු අවට ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ප්‍රමාණය මැන බැලීම තුළින් අවට ප්‍රදේශවල ඇතිවිය හැකි නාය යෑම් අවදානම් තත්ත්වය පිළිබඳව පූර්ව නිගමනයකට එළඹීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වේ.

මෙම වැඩසටහන යටතේ බදුල්ල, හැලිඇළ, දෙමෝදර, ඇල්ල, හිල්ඔය, කිණිගම, බණ්ඩාරවෙල, දියතලාව දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලයට වර්ෂාමාන සවිකර, දත්ත ලබා ගැනීම සහ වාර්තා තබා ගැනීම පිළිබඳ තාක්ෂණික උපදෙස් පිළිබද දැනුවත් කිරීම සහ ක්ෂේත්‍ර පුහුණුව ලබාදී ඇත.

ඒ තුළින් ඉදිරි වර්ෂා කාල තුළදී දුම්රිය මාර්ගයට ඇතිවිය හැකි නායයාම් තර්ජන පිළිබද පූර්ව අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.

 

Related posts

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ පාසල් ඇරඹීමෙන් පසු

Mohamed Dilsad

ආනයනය කරන්න එපා බිත්තර අර්බුදය කතාකරලා විසඳගමු – නිෂ්පාදකයෝ

Mohamed Dilsad

හෙරොයින් කිලෝ 23ක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment