දේශීය

මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් පිටත්ව යය

(UTV | කොළඹ ) – අද (15) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ, කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් , ආපසු ඉන්දියාවට යෑමට නොහැකිව මෙරට සිරවී සිටි ඉන්දීය සංචාරකයන් 153 දෙනෙකු සියරට බලා පිටත්ව ගොස් තිබේ.

ඔවුන් ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි – 1202 දරණ විශේෂ ගුවන් යානයක් මගින් අද පෙරවරු 10.15 ට ඉන්දියාවට ගොස් ඇත.

මෙම ගුවන් යානයේ පළමු ගමනාන්තය ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපළ වන අතර දෙවනුව එම ගුවන් යානය බැංගලෝර් ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතය.

මෙම මගීන් ඉන්දියාව වෙත යෑමෙන් පසු දින 07 ක් එම ගුවන් තොටුපළ අසළ හෝටල්වල ද , තවත් දින 07 ක් එම ඔවුන්ගේ නිවෙස් තුළ ද නීරෝධායනය වීමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ඉහළට

Editor O

කැසිනෝ ඇරඹීමට පෙර නියාමනයට ආයතනයක් හදන්න

Mohamed Dilsad

විදුලි ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු

Mohamed Dilsad

Leave a Comment