දේශීයප්‍රමුඛ පුවත 1

රාජිතට ඇප හිමිවෙයි

(UTV | කොළඹ) – රිමාන්ඩ් භාරයේ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (10) නියම කළේය.

ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙම සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන වැරදි සියල්ල ඇප දිය හැකි වැරදි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඔහුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රබල කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවද සඳහන් කළේය.

මතභේදාත්මක සුදු වෑන් පුවත්පත් සාකච්ඡාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Related posts

උපකාරක පන්ති යළි ඇරඹිමේ සුදානමක

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 60 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

ඔන්ලයින් පනත පනත අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment